The Knife Angel...
(The Knife Angel) 'නයිෆ් ඒන්ජල්' නමින් හඳුන්වන මෙම දේවදූතයාගේ පිළිමය බ්‍රිතාන්‍යය චිත්‍ර ශිල්පියෙකු වන ඇල්ෆි බ්‍රැඩ්ලි (Alfie Bradley) සහ ඔස්වෙස්ට්‍රි හි පිහිටි බ්‍රිතාන්‍ය යකඩ වැඩ මධ්‍යස්ථානයක් විසින් එක්වී සාදන ලද අපූරු නිර්මාණයකි. ඔවුන් මෙම පිළිමය සෑදීම සඳහා එම ප්‍රදේශයන්වල විවිධ නීති විරෝධී ක්‍රියාවන් වගේම ඝාතන සඳහා භාවිතා කරන ලද පිහි ද සමඟ සම්පූර්ණ පිහි එකතුව 100,000 ක් පමණ භාවිතා කර ඇති අතර වසර 2018 දී මෙහි වැඩකටයුතු නිම කරන ලදී. 'නයිෆ් ඒන්ජල්' එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩත්වයට හා ආක්‍රමණයන්ට එරෙහි ජාතික ස්මාරකය ලෙසද හැඳින්වෙන මෙම පිළිමයේ සම්පූර්ණ උස අඩි 27 කි(මීටර් 8.2)කි.
මෙම මූර්තිය නිර්මාණය කිරීමට අවශ්‍යවන පිහි එකතුව සඳහා පිහි 200 ක පමණ ප්‍රමාණයක් යකඩ වැඩ මධ්‍යස්ථානයෙන් නිර්මාණය කරගත් අතර අනෙක් බොහෝ පිහි ප්‍රමාණයක් පොලීසිය විසින් එම පළාත්වල අනවසරයෙන්ළ ඟ තබාගෙන සිටි පුද්ගලයින්ගෙන් ලබාගත් ඒවාය. තමන් සතු අනවසර පිහි නිර්ණාමිකව පොලීසිය වෙත බාර දීම සඳහා පොලීසිය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය. එම කාලය තුල විශාල පිහි සංඛ්‍යාවක් සොයා ගැනීමට ඔවුනට හැකිවිය. තවද එක් එක් පළාත්වල පොලිසි විසින් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් පිහි ද මෙයට ඇතුළත් වූ අතර සාක්ෂි ලෙස උසාවි වල රඳවා ගත් තවත් බොහෝ පිහි ප්‍රමාණයක්ද මෙයට එකතු විය. තවත් විශේෂයක් වන්නේ මේ ලැබුණු පිහි වලින් 30% ක් පමණ ලැබී තිබුණේ ඒවා භාවිතා කර කරන ලද අපරාධවල ලේ සහ වෙනත් පැල්ලම් සහ සළකුණුද සමඟිනි.
නිම වීමෙන් පසුව එම පළාතට සුන්දරත්වයක් ගෙනදුන් මෙම කලා කෘතිය, විශේෂයෙන්ම නිර්මාණය කිරීමට ප්‍රධාන අරමුණ වී තිබුණේ එක්සත් රාජධාණිය තුළ පිහිය උපයෝගී කරගෙන කරනු ලබන අපරාධවල ඇති භයානක කම ඉස්මතුකර පෙන්වීමට සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම තුළින් ඔවුන්ගේ ප්‍රජාවන්ට ඇති කළ හැකි හානිකර බලපෑම පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා ය.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...







Comments
Post a Comment