තාත්තේ Sex කියන්නේ මොකක්ද...?

TV බල බලා ඉන්න තාත්තා ගාවට පොඩි එකා එනවා...

තාත්තේ Sex කියන්නේ මොකක්ද...?

මේක ඇහුණ ගමන් තාත්තට හීක් ගෑවුණා... දෙලෝ තරු පේන්න පටන් ගත්තා... ඉහෙන් කණින් දාඩිය දාන්න පටන් ගත්තා... පොඩි කමට බටු ඇටයා වගේ ඉඳගෙන, තමුන්ගේ තාත්තා නේද කියලවත් ගරු කරන්නේ නැතුව, කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මූ මගෙන් අහන දේවල්... තාත්තට හිතුණා... ටිකක් වෙලා කල්පනා කලා... මේවා ඉස්කෝලේ කියලා දෙන්නත් මූට තව කල් තියෙනවා... කමක් නෑ ඉස්කෝලෙන් උගන්වනවා කිව්වට ඕවා කවදා කෙරෙයිද කවුද දන්නේ...? ඔන්න ඔහේ මම දන්න ටික මූට කියලා දෙනවා කියලා හිතලා... පැය භාගයක් තිස්සේ මේ කොල්ලට Sex කියන්නේ මොකක්ද කියන සම්පූර්ණ Lesson එකම කියලා දෙනවා...

පොඩි එකත් ඉතිං කට ඇරගෙන තාත්තගේ Lesson එක අහගෙන ඉන්නවා...

"ඔන්න ඕක තමයි පුතේ Sex කියන එකේ සාමාන්‍ය අදහස... ඔයා තව ලොකු වෙනකොට, ලොකු පන්ති වලදී මේ ගැන ඔයාට මීට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි... දැන් ඔයාට මම කියපු දේවල් ගැන මොකක් හරි ප්‍රශ්ණයක් එහෙම තියෙනවද..?"

"තාත්තා කියපු දේවල් ගැන නං කිසිම අවුලක් නෑ තාත්තේ... මට ඒවා හොඳට නියමෙට තේරුණා... ඒත් මට තියෙන එකම ප්‍රශ්ණේ දැන් තාත්තා පැය භාගයක් තිස්සේ කියපු දේවල් මම කොහොමද මෙන්න මේ පුංච් කොටුවේ ලියන්නේ.." කියලා අන්තර්ජාතික චිත්‍ර තරඟයකට චිත්‍රයත් එක්ක යවන්න කොල්ලා පුරව පුරවා හිටපු Application එකේ Sex කියලා ලියලා තියෙන තැන ඉස්සරහින් තියෙන පුංචි කොටුව පෙන්නුවා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...