Drive in Teatre...
Drive in Teatre' චිත්‍රපට නැරඹීමේ සංකල්පය 1910 තරම් ඈත අතීතයට දිවගියත්, එම සංකල්පයේ පළමු පේටන්ට් බලපත්‍රය ලබාගත් රිචඩ් හොලිංස්හෙඩ් විසින් 1933 ජුනි 6 වන දින ඇමරිකාවේ නිව් ජර්සි හිදී පළමු අවසරලත් එළිමහන් චිත්‍රපට නැරඹුම් අංගණය විවෘත කළේය... පවුල් පිටින් පැමිණෙන රසිකයින් සඳහා එම අංගණය තුළ වාහන 400 ක් පමණ නවත්වා චිත්‍රපට නැරඹීම සඳහා ඔහු ඉඩකඩ ලබා දුන්නේය. ඔහු එය නිර්මාණය කළේ කුඩා සිනමාහල්වල තිබෙන කුඩා ආසනවලට සුවපහසු ලෙස හැඩගැසීමට නොහැකි අයට විකල්ප විසඳුමක් වශයෙනි.
1950 පමණ වන විට හොලිංස්හෙඩ්ගේ Drive in Teatre සංකල්පයේ සාර්ථකත්වය නිසා ඉන්පසු රටේ සෑම ප්‍රාන්තයකම වැඩි වැඩියෙන් ඩ්‍රයිව් ඉන් චිත්‍රපට දර්ශණ භූමි විවෘත වූ අතර පසුව එය ජාත්‍යන්තරයටද ව්‍යාප්ත විය. එක්සත් ජනපදය පුරා ඩ්‍රයිව් ඉන් චිත්‍රපට දර්ශණ භූමි 4,000 කට අධික සංඛ්‍යාවක් පමණ තිබූ අතර ඒවා බොහෝමයක් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා තිබුණි. පවුල්වල සාමාජිකයින් සහ පෙම්වතුන් හට එකිනෙකා සමඟ කාලය ගත කිරීමට ලැබෙන හොඳ අවස්ථාවක් මෙන්ම දැරිය හැකි මිළකට චිත්‍රපටයක් බලා රාත්‍රීය විනෝද වීමට හැකි අයුරින් ඔවුන් මෙම ජනප්‍රිය සංකල්පය පවත්වා ගෙන ගියේය...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...









Comments
Post a Comment