අපිටත් බැරිද හදන්න මේ Cocopallet...

ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොල් ලෙලි වලින් සාදන ලද භාණ්ඩ ප්‍රවාහණ නැව් තට්ටු එහෙමත් නැත්නම් CocoPallet භාවිතයට යොමු වීමෙන් වසරකට ලෝකය පුරා ඇති ගස්වර්ග මිළියන 200 ක් පමණ බේරා ගැනීමට උපකාරී වෙන බව නෙදර්ලන්ත පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති අතර දැනටමත් ඔවුන් එම නිෂ්පාදන ඉන්දුනීසියාව හරහා නිශ්පාදනය කර ලොවපුරා ප්‍රචලිත කරමින් පවතිනවා...

නෙදර්ලන්ත පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, නැව්වල ප්‍රවාහණය කරන භාණ්ඩ පැටවීම සඳහා යටින් තැබීමට භාවිතා කරන ලී පැලට් නිෂ්පාදනය කිරීම සඳහා සෑම වසරකම ලොවපුරා තිබෙන ගස් මිලියන 200 ක් පමණ කපා දමන බව සොයාගෙන ඇති අතර එම විනාශ වන ගස් බේරා ගැනීමට නම් ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොල් ලෙලිවලින් සාදන මෙම ප්‍රවාහණ පුවරු එයට හොඳම විකල්පය බවද ඔවුන් පෙන්වා දෙනවා.

CocoPallet නිර්මාතෘ 'මිචියෙල් වොස්' (Michiel Vos) ගේ මෙම නවතම සොයාගැනීමට නෙදර්ලන්තයේ 'වැගනිංන්ගෙන්' විශ්ව විද්‍යාලයේ (University of Wageningen) පර්යේෂකයන් සමඟ ඔහු ඉන්දුනීසියාවේ ස්වදේශික ජාතිකයින්ගේ දේශීය දැණුම මත පදනම් වූ ක්‍රමවේදයක් මේ සඳහා අනුගමණය කර තිබෙනවා.

මෙම CocoPallet නිෂ්පාදනය සඳහා භාවිතා කරන ක්‍රියාවලිය දැව පැලට් නිෂ්පාදනයේදී භාවිතා කරන ක්‍රමයටත් වඩා ලාභදායී වන අතර සමහර රටවල් තවමත් දැව පැලට් නිෂ්පාදනයේදී ඒවා පදම් කිරීමට භාවිතා කරන අධික විෂ සහිත 'මෙතිල්-බ්‍රෝමයිඩ් ධූමකරණය' (Methyl-bromide fumigation) මේ සඳහා අවශ්‍ය නොවන බවද ඔවුන් පවසනවා. 

මෙම CocoPallet නිෂ්පාදනයේදී ඔවුන් කරණු ලබන්නේ පොල් ලෙලි ඉහළ උෂ්ණත්වයක් තුලදී ඉතා කුඩා කැබලි වලට පොඩි කිරීමයි. ඉන්පසු එම පොල් කෙඳි වලින්ම සොයාගන්නා එහි ඇති ස්වාභාවික 'ලිග්නින්' (The lignin) නම් මැලියම් ද්‍රව්‍ය පොල් ලෙලි කුඩු සමඟ ඒ අවස්ථාවේම මිශ්‍ර කරණු ලබනවා. ඒ සමඟම මෙහි අන්තිම ප්‍රථිපලය ලෙස කිසිම කෘතීම මැලියම් හෝ කෘතිම ද්‍රාවක කිසිවක් අඩංගු නොවන පරිසර හිතකාමී ප්‍රවාහන තට්ටුවක් ඔවුන් නිර්මාණය කරගන්නවා.

සාමාන්‍යයෙන් මෙවැනි එක් පැලටයක් සෑදීම සඳහා පොල් ලෙලි 60-70ක් පමණ භාවිතා කිරීමට සිදුවන බව ඔවුන් පවසනවා. ඒ වාගෙම මෙම පැලට් 100% ජෛව පාදක කොකෝ පැලට් වන අතර දැව වලින් සාදන ලද පැලට් තරමටම ශක්තිමත් බවකින්ද යුක්ත වෙනවා. ඊට අමතරව සාම්ප්‍රදායික ලී තට්ටු මත භාණ්ඩ ගබඩා කරන ප්‍රමාණයට වඩා 70% කින් පමණ ඉඩක් මින් ඉතිරි කර ගත හැකි බවද ඔවුන් වැඩි දුරටත් පවසනවා.

https://lifeandsoulmagazine.com/2020/02/02/cocopallet-shipping-pallets-made-from-recycled-coconut-husk-waste-help-to-save-an-estimated-200-million-trees/


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...