පැසෝ ඩි ලොස් කැරකෝල්ස් කඳුකර මාර්ගය...
මේ කඳුකර මාර්ගය දිහා බලන්න... මේක අපේ රටේ දහ අට වංගුව වගේ දෙතුන් ගුණයක් විශාලයි, සමහරවිට ඊටත් වඩා විශාලයි වංගු පටුයි, බෑවුම් දරුණුයි වගේම මෙම මාර්ගයේ කිලෝමීටර් ගණනද වැඩියි... මේ තියෙන්නේ චිලි රට සහ ආර්ජන්ටිනාව එකිනෙක සම්බන්ධ කරන 'පැසෝ ඩි ලොස් කැරකෝල්ස්' යනුවෙන් හඳුන්වන ප්‍රධාන කඳුකර මාර්ගයයි... මෙම මාර්ගය වැටී තියෙන්නේ ඇන්ඩීස් කඳු පන්තිය මධ්‍යයේ සිට අඩි 10,500 ක් (මීටර 3,200 ක්) පමණ දුරින් වන අතර මෙම භයංකාර මාර්ගය පින්තූරවල පෙනෙන විදියට පහළ සිට ඇන්ඩියන් කඳු පන්තියේ මුදුනටම වංගු සහිතව විහිදී තිබෙනවා...
සෑම දිනකම මේ රටවල් දෙක අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ සහ රටවල් දෙක අතර සංචාරකයින් ගෙන යන ඩබල් ඩෙකර් බස් රථ වගේම වෙනත් වාහනවලින් මෙම මාර්ගය කාර්‍ය්‍යබහුල වන අතර සමහර වෙලාවට මෙම වාහන සියල්ල එක පේලියට මෙම කඳුකර මාර්ගයේ ඇති තද සුළං වලට මුහුණ දෙමින් සහ අනෙක් පැත්තෙන් ඇති භයානක ප්‍රපාතය සමගාමීව සෙමෙන් සෙමෙන් ගමන් කරනු ලබනවා.
මෙම මාර්ගයේ ගමන් කිරීම වඩාත් නරක අතට හැරෙන්නේ ශීත ඝෘතුවේ පවතින අධික හිම පතනය සමඟ මාර්ගය අයිස් තට්ටුවළින් වැසී ගිය විටයි. බොහෝ විට ශීත ඝෘතුවේදී තත්වය වඩාත් දරුණු වුවහොත් බළධාරීන් විසින් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමනු ලබනවා. ඒ වගේම ලෝකයේ දැනට නම් කර ඇති භයානකම මාර්ග වලින් එකක් ලෙසද මෙම මාර්ගය හඳුන්වනු ලබනවා...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga....





Comments
Post a Comment