පරිසර හානිය අවම ජපානයේ අධිවේගී අන්තර් හුවමාරුව...
අධිවේගී මාර්ග අපට දුර ගමන් වලට පහසුකම් සපයාදී එහි ඇති අන්තර් හුවමාරුවක් මගින් මාර්ගයන් වෙනස් කිරීමට හෝ නගරයන් කරා ගමන් කිරීමට ඉඩ සලසා දෙයි. අධික කඳුකර භූමිවල සමහර නගර පිහිටීම සහ ඒවායේ පවතින අධික මාර්ග අවහිරතා ඇති ජපානයේ, අන්තර් හුවමාරුවක් කියන්නේ සරලව කිවහොත්, ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාවේ විශ්මය ජනක ජයග්‍රහණයන් වන අතර සමහර විට අපි ගමන් කරන වාහනයේ කවුළුවක් අතරින් එහි ඇති විශ්මය දැක ගැනීට හෝ එවන් නිර්මාණ අගය කිරීමක් කිරීමට අපට නොහැකිය.
මෙම ඡායාරූපයේ තිබෙන්නේ ජපානයේ ටෝකියෝ නුවරට කිට්ටුවෙන් පිහිටා තිබෙන හචියෝජි ප්‍රදේශයේ හිස්ෂිමිචි ටකාඕසාන් අධිවේගී අන්තර් හුවමාරුවයි. ජපානයේ තිබෙන අධිවේගී මාර්ගයන් යාවන අන්තර් හුවමාරු ස්ථාන අතරින් ප්‍රධානතම හුවමාරුවක් වන මෙම ස්ථානය සැලසුම් කර ගොඩ නැගීමේදී එම කළාපයට අයත්වන පරිසර පද්ධතියට අවම අලාභයක් සිදුවන ආකාරයෙන් ඉදිකිරීමට එරට ඉංජිනේරුවන් වග බලා ගත්තේය.
මෙම හුවමාරුව ටෝකියෝ හි බටහිර තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති අතර එය 2012 දී එහි වැඩ සම්පුර්ණයෙන්ම නිම කරන ලදි, එය මාර්ග 20 කින් යුත් කෙන්යෝඩෝ අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ කරන මාර්ග 12 කින් යුත් අන්තර් හුවමාරුවකි.
මෙම අධිවේගී අන්තර් හුවමාරුව ජපන් ඉංජිනේරුවන් අතින් බිහිවූ විශිෂ්ඨතම වගේම ආකර්ෂණීයම නිර්මාණවලින් එකක් වන අතර සැලසුම් දෘෂ්ටි කෝණයකින් බලන කල, ජපානයේ වඩාත්ම ව්‍යුහාත්මකව ඉදිකෙරුණු සුන්දර අන්තර් හුවමාරුවලින් එකකි.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment