නිරීක්ෂණ ගස්...
පළමුවන ලෝක යුද්ධයේදී භාවිතා කරන ලද නිරීක්ෂණ ගස්...
===================================
පළමුවන ලෝක යුද්ධ සමයේදී යුද පෙරමුණුවල මුහුණට මුහුණ සටන් වදින සොල්දාදුවන් දෙපාර්ශ්වයන්ටම ප්‍රධානම ගැටළුවක් වී තිබුණේ ඔවුනට අයත් ඉදිරිපෙළ සීමාවන් තුළ නොසෙල්වී සිට සතුරන් නිරීක්ෂණය කිරීමේ අපහසුතාවයයි. එයට හේතුවී තිබුණේ දෙපැත්තේම සිටි ස්නයිපර් වෙඩික්කරුවන්ගේ උකුසු ඇස වී තිබුණු අතර නිරන්තරයෙන්ම සතුරු පෙදෙස්වල යම් කිසි සෙලවීම් පිළිබඳව දෙපාර්ශවයේම සිටින ස්නයිපර්වරුන් නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටියේය. වැරදීමකින් හෝ තත්පර කිහිපයකට සිය බංකරයට ඉහළින් කෙනෙකුගේ හිස එසවිනි නම් එසැණින් ක්‍රියාත්මක වන ස්නයිපර්වරුන් ක්ෂණිකව එසවෙන ඔළුවට වෙඩි තබා එම සොල්දාදුවා මරා දැමීම නිරන්තරයෙන්ම සිදුවිය.
මෙම සතුරු ස්නයිපර්වරුන්ගෙන් බේරී සතුරන් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය ප්‍රංශ ජාතික සොල්දාදුවන් හට දැඩිව අවශ්‍ය වී තිබුණි. මේ සඳහා ඔවුන් අපූරු ක්‍රමවේදයක් වන යුධ බිමේ තිබෙන ගස් යොදාගෙන ඒවා නිරීක්ෂණ කුටි ලෙස නිර්මාණය කිරීමට පටන් ගත්තේය. ඔවුන්ගේ එම නිර්මාණයන් සාර්ථක වූ පසු එම නිර්මාණයන් කරන ආකාරය ඔවුන් බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ඉගැන්වීය. ටික කලක් යනවිට එම ක්‍රමය ජර්මාණු සොල්දාදුවන්ද භාවිතා කිරීමට පටන් ගත්තේය.
නමුත් ඔවුන්ට යුද බිමේදී මෙය නිරීක්ෂණ ගස් කුටි ඉදිකිරීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඉදිරියෙන් සිටින සතුරු හමුදා තමන්ට ඉදිරියෙන් තිබෙන සතුරාගේ ඉදිරිපස භූමිය නිරන්තරයෙන්ම නිරීක්ෂණය කර ඇති නිසා, ඔවුනට කිසිම විදියකටවත් අළුත් ගසක් හෝ නිර්මාණයක් තමන්ගේ පැත්තේ ඉදිකිරීමට නොහැකි තත්වයක් උදාවී තිබුණි. මොකද යුධ පෙරමුණේ කළින් නොදුටු යම් කිසි ඉදිකිරීමක් හෝ අමුතු දෙයක් වීද එය සතුරන්ගේ ප්‍රහාරයන්ට ලක්වෙනවා වගේම එය ක්ෂණිකව විනාශ කිරීමටද ඔවුන් කටයුතු කරන්නේය.
මේ කරුණු ගැන දීර්ඝ ලෙස අධ්‍යනය කල ප්‍රංශ සොල්දාදුවන් කලේ තමන්ගේ බංකර අසල තිබෙන ඉතා හොඳින් වැඩී ඇති, ඒත් බෝම්බ ප්‍රහාර වලින් පුපුරා මැරී ගිය ශක්තිමත් ගසක් තෝරාගෙන සූක්ෂමව එම ගස ඡායාරූප ගත කර එම ගස පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි. පසුව එම ගසේ දිග, පළල, උස ආදී මිණුම් ලබාගෙන ඒ හා සමාන රූප සටහනක් ඇඳීමයි. පසුව එම රූපයට අණුකූලව වානේ වලින් ගසේ අනුරුවක් සාදා එය තුල නිරීක්ෂණ කවුළු සහිත කුටියක් සාදනු ලබයි. ඉන්පසු රාත්‍රියේදී පවතින දැඩි අන්ධකාරය වගේම කාලතුවක්කු වෙඩි තැබීම් වළින් ආවරණය ලබාගෙන භූමියේ තිබෙන සැබෑ ගස කපා දමා ඉක්මණින්ම එම ස්ථානයේ ගසේ අණුරුව සවිකරණු ලබයි. මේ හැම දෙයක්ම කිරීම සඳහාම ඔවුන් කාලය අඳුර තුළින්ද, අවශ්‍ය එළිය කාලතුවක්කු උණ්ඩ පිටවන ගින්නෙන්ද, ගස කැපීමේ සහ අනුරුව නැවත සිටුවීමේදී ඇතිවන ශබ්දයන් කාලතුවක්කු ශබ්දයන්ගෙන්ද ආවරණය කර ගන්නා ලදී.
මෙම නිරීක්ෂණ කුටිය තුලට අතුළුවන සොල්දාදුවාට ගසේ පහළ සිට ඉහළ ඇති නිරීක්ෂණ කවුළුව ආසන්නයට නැගීම සඳහා ඉණිමඟක් ගස ඇතුලෙන්ම සවිකර ඇත. මෙසේ ඉනිමඟ ඔස්සේ ගසේ ඉහළට නගින සොල්දාදුවා එහි ඇති ආසනයක වාඩිවී විවිධ පැති වලට සවිකර ඇති විවිධ නැරඹුම් සිදුරු හරහා සතුරාගේ ස්ථාන සහ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලබයි. ඒ වගේම නිරීක්ෂණය කරන සොල්දාදුවාගේ ආරක්ෂාව සඳහා ඝනකමින් යුත් ලෝහ බිත්තියක් පිටුපස ඔහු රැඳී සිටින අතර සිදුරු හරහා සතුරන් නිරීක්ෂණය කිරීමට එහි තුල සවිකල පෙරිස්කෝපයක් භාවිතා කළේය.
මෙම නිරීක්ෂණ ක්‍රමය තුළින් පළවෙනි ලෝක යුද සමයේදී පුදුම සහගත ලෙස සාර්ථකත්වයක් ඔවුන් ලබා ගත්තේය.
https://www.amusingplanet.com/2019/04/fake-tree-observation-posts-of-ww1.html
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...





Comments
Post a Comment