ශාරුක් ඛාන්ගේ මනුෂ්‍යත්වය...

පසුගිය වසරේ ඒ කියන්නේ 2020 ඉන්දියාවේ සිදුවුනු එක්තරා සංවේදී සිදුවීමක විඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය උනා. එහි තිබුණේ ඉන්දියාවේ දුම්රිය ස්ථානයක් අසළ මියගොස් සිටි තම මව නැගිටවීමට උත්සාහ කරණ කුඩා දරුවෙකුගේ ඉතා සංවේදී දර්ශණයක්. මෙම විඩියෝව ලොවපුරා සංසරණය වූ අතර එම සිදුවීම ලොව පුරා සංවේදී හැම පුරවැසියෙකුගේම නෙතට කඳුලක් ගෙන ඒමට ඉවහල් උනා.

ඉන්දියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රැකියාව හෝ ඉන්න හිටින්න තැනක් නොමැතිව අසරණව තම උපන් ගම් බිම් කරා පයින්ම ගමන් කරන දහස් ගණන් ජනතාව අතරේ සිටි මවක් සහ කුඩා දරුවෙක් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබෙනවා. කිලෝමීටර සිය ගණනක් නිසි අහාරයක් හෝ වතුර පොදක් නොමැතිව ගමන් කිරීම නිසා ඇතිවුණු අධික මහන්සිය හා විජලනය  හේතුවෙන් එම මව දුම්රිය ස්ථානයක් අසළ තම දරුවා සමග ගිමන් හරිමින් සිටින විට මෙසේ මිය යනවා. ඒ බව නොදත් ඒ දරුවා බඩගින්න නිසා හෝ වෙනයම් දෙයක් නිසා මව නිදාසිටිනවා යැයි සිතා ඇයව අවදි කිරීමට උත්සාහ කරනවා. දරුවාගේ මෙම උත්සාහය බලාසිටි මිනිසුන් ඇවිත් පරික්ෂාකර බලද්දී මේ මව මෙසේ මියගොස් ඇති බව දැනගන්නවා.

පසුව සියල්ල අවසන් වූ පසු කෙසේ හෝ මෙම දරුවා ඔහුගේ සීයාගේ භාරයට පත්වෙනවා. ඉන්පසු මෙම දරුවාගේ ඉරණම වෙනස් වීමට පටන්ගන්නවා. 

එම සංවේදී විඩියෝව නැරඹූ ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් විසින් එම කුඩා දරුවාගේ භාරකාරිත්වය භාරගන්නවා. දරුවාගේ සියළුම කටයුතු සහ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් වීමට ඔහු ඉදිරිපත්වී සිටිනවා. ඔහුගේ ' මීර් 'පදනම විසින් දරුවාගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය සියළුම දේවල් ඉදිරියට නොපිරිහෙලා  ඉටුකරණ බව ශාරුක් ඛාන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටිනවා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga.


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...