පළමුවන ලෝක සංග්‍රාමයේදී අශ්වයන්...
පළමුවන ලෝක සංග්‍රාමයේදී අශ්වයන්, කොටළුවන් සහ බූරුවන් යන සතුන් මිළියන අටක පමණ සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වූ බව සඳහන් වෙනවා.
සංග්‍රාමයේදී බොහෝ විශාල වාහනවලට හෝ කුඩා මෝටර් රථ වලට ළඟාවීමට නොහැකි සහ ගමන් කිරීමට උත්සාහ කළ නොහැකි මඩ සහිත ප්‍රදේශයන් හරහා මිනිසුන් සහ සැපයුම් ගෙනයාමට මෙම සතුන් අත්‍යවශ්‍ය සාධකයක් වී තිබුණා.
සංග්‍රාමයේදී මෙම සතුන් කෙතරම් තීරණාත්මක සාධකයක් වූවාද කියනවානම් එම සතුන්ටද සතුරු හමුදා ඉලක්කයන්ට නිරන්තරයෙන්ම පත්වීමට සිදුවී තිබුණා. සතුරු සොල්දාදුවන්ගේ වෙඩි උණ්ඩ, විෂ වායු ප්‍රහාර, වස දීම් ආදිය නිසා මොවුන්ගේ ජීවිත සංග්‍රාමයේදී අහිමිවීම නිරන්තරයෙන්ම සිදුවී තිබුණා.
මෙම ඡායාරූප වළින් දැක්වෙන්නේ පළමුවන ලෝක යුද්ධයේදී අශ්වයන් යොදවාගෙන කරනු ලැබූ විවිධාකාර වැඩ කටයුතු සහ යුද්ධයෙන් පසු එම සතුන් අනුස්මරණය කිරීම සඳහා කරණු ලැබූ සැමරුම් කිහිපයක ඡායාරූප එකතුවකි...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...








Comments
Post a Comment