පදික වේදිකාවේ යටින් තනා ඇති බංකර...
පදික වේදිකාවේ යටින් තනා ඇති බංකරයක් තුළට බැස තමන්ගේ පපුව තෙක් ගැඹුරුට වී, මේ අන්දමින් සිටින්නේ උතුරු වියට්නාමයේ හැනෝයි නගරයේ පදිංචිකරුවන්ය. ඇමරිකන් හමුදාව විසින් වියට්නාමයට නිරන්තරයෙන් එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර හමුවේ ඒවායින් තම ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා වියට්නාම් වැසියන්ට කළ හැකි එකම විකල්පය වී තිබුණේ මෙසේ බංකර් තුළට වී සිටීමය.
1967 වර්ෂයේ ගත් මෙම ඡායාරූපයෙන් පෙන්වන්නේ ඇමරිකන් ගුවන් යානාවන්ගෙන් එල්ලවන ප්‍රහාර ගැන පළමු අනතුරු ඇඟවීම ලැබීමෙන් පසු ඔවුන් මෙසේ සූදානමින් සිටින්නේ ඔවුන්ට ප්‍රහාරයේ අවසාන සංඥාව ලැබෙනතුරුය. අවසන් සංඥාව ලැබුණු පසු සියළුම දෙනා බංකරය ඇතුලට ගොස් සිදුරේ පියන වසා ගෙන ප්‍රහාරයන් නිමවෙනතුරුම සිටීම හැර ඔවුනට තම ජීවිතය බේරා ගැනීමට වෙන විකල්පයක් නොවීය...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment