අවමංගල්‍යය පෙරහැර...
මේ කොරොන්ටයින් කාලේ ගෙදරටම හිරවෙලා හිටිය මනුස්සයෙක් පොඩ්ඩක් පාරට බැස්සා ඇවිදින්න කියලා. මිනිහා ටික දුරක් මෙහෙම ඇවිදගෙන යනකොට දකිනවා අවමංගල්‍යය පෙරහැරක්. මේක ටිකක් අමුතු ජාතියේ එකක්.
මිණී පෙට්ටි දෙකක් පටවපු අවමංගල්‍යය රථ දෙකක්. එකක් පිටුපස එක ගමන් කරනවා. ඊට පිටුපසින් සාමාන්‍ය කළු බල්ලෙක් සමඟ ඌව අල්ලාගෙන යන දුක්බර මිනිසෙක් සහ මීටරයකින් පරතරය තබාගෙන මුඛ ආවරණ පැළදි මිනිසුන් දෙසීයක් පමණ එකා පිටුපස එකා ගමන් කරනවා. කිලෝමීටරයක් විතර දිග ගමන් කරන පෝලිමක්. මේක ටිකක් අමුතුයි.
පොඩ්ඩක් හොයලා බලන්නත් එක්ක අර මනුස්සයා ආපහු දුවගෙන එනවා අර බල්ලා රැගෙන යන මිනිහා ළගට. ඔහුත් එක්ක මීටරයක පරතරයක් තබාගනිමින් එකට ගමන් කරන ගමන් අර මනුස්සයාගෙන් මෙහෙම අහනවා.
" සමාවෙන්න මහත්මයා මේ දුක්බර අවස්ථාවේ ඔබට කරදරයක් කරනවා නම්. මම මීට කළින් කවදාවත් මේ වගේ අවමංගල්‍යය පෙරහැරක් දැකලා නෑ. කවුද මේ මැරිලා ඉන්න දෙන්නා. මොකක්ද මේ විශේෂත්වය..? කරදරයක් කියලා හිතන්නේ නැතුව මට කියන්න."
" ආ ඒකට කමක් නෑ... මම කියන්නම්." අර පළවෙනි පෙට්ටියේ ඉන්නේ මගේ නෝනා... "
" දෙවෙනි පෙට්ටියේ ඉන්නේ මගේ නැන්දම්මා..."
" මට හරිම කණගාටුයි මහත්මයා... මොකක්ද ඒ අයට උනේ..? මොකක්ද සිද්ධිය..?"
"මොකක්දෝ සිද්ධියකට අපේ නෝනා මේ බල්ලට සෑහෙන්න පහර දෙනකොට මූ එයාව පෙරළගෙන බෙල්ල හපාගෙන හිටියා. ඒක දැකපු මගේ නැන්දම්මා පොල්ලක් අරගෙන බල්ලට ගහන්න ගත්තා. ඊට පස්සේ බිරිඳව අත ඇරපු බල්ලා නැන්දම්මව පෙරලගෙන බෙල්ලෙන් අල්ලගත්තා. මම ළගට දුවගෙන එනකොට දෙන්නම එතනම මැරිලා..."
ඉන්පසු මේ දෙන්නා අතර දීර්ඝ නිෂ්ශබ්දතාවයක් ඇතිවෙනවා. කිසිම කතාවක් නැතුව ටික දුරක් ගමන් කරනවා. ඊට පස්සේ අර මනුස්සයා මෙහෙම අහනවා.
" මට මේ බල්ලව දවස් දෙකකට දෙන්න පුළුවන්ද..?"
" ප්‍රශ්ණයක් නෑ... මේ වැඩ ටික ඉවරවෙලා දෙන්නම්... හැබැයි ඔයාටත් මීටරයක පරතරයක් තියාගෙන මේ පෝළිමේ අන්තිමට සම්බන්ධවෙන්න වෙනවා..."
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment