ශිෂ්‍යය භටයෝ...
පාසැල් කාලේදීම ARMY නිල ඇඳුම ඇන්ද අපි...
පාසල් නිල ඇඳුම පවා නිවැරදිව පිළිවෙලකට ඇන්ද අපි...
සාමන්‍ය පාසල් සිසුවා අභිබවා ගිය අපි...
අනිත් ළමයි Class එකේ පුටු රත් කරද්දි ground එකේ ප්‍රැක්ටිස් කරපු අපි...
පන්තියේ අන්තිම පේලිවල සිංදු කියපු අපි...
උඹලා ඉගෙන ගන්නේ නැද්ද කියලා ගුරුවරුන්ගෙන් බැනුම් අහපු අපි...
ඉස්කොලේ හොද වගේම නරක වැඩ වලට බැණුම් අහපු අපි...
ඉස්කෝලේ තිබ්බ ඕනෙම බර වැඩකට මුලින්ම කරගහපු අපි...
Camping ලංවෙනකොට අනිත් ළමයි ඉගෙන ගනිද්දී List වල තියෙන බඩු හොයපු අපි...
එකම තණකොල ගහ දවසට දෙතුන් සැරේ පෑගෙනකම් Marching Practice කරපු අපි...
1.30pm ඉස්කොලේ ඇරිල යන උන් අතරේ 6.30pm වෙනකම් ඉස්කොලේ Practice කරපු අපි...
RSM ගෙන්, Platoon සාර්ජන්ට්ගෙන් පලු යනකන් බැනුම් අහපු අපි...
පන්තියට යන්න කලින් Cadet Room එකට නිකමට හරි හොට දාලා එන අපි...
පරණ මතක Juniors ලා එක්ක බෙදා ගත්ත අපි...
එකම පන්තියේ යාළුවා උනාට ඌට සාජන් කියල Respect කරපු අපි...
එකෙක් පාවලා දෙන්න බැරුව 25 ම Double කාපු අපි...
පාන්දර 5.00ට Polling කරන්න ගෙදරින් බැනුම් අහගෙන සීතලේ මීදුම අස්සෙන් ඉස්කොලෙට දුවපු අපි...
පරක්කු වෙච්ච දවසට Double එකේ Punishment කාපු අපි...
පන්තියට ගිහින් ඉද ගන්න බැරි වෙන තරමට හැක්වෙලා හිටිය අපි...
Platoon එකේ දුර්වල එවුන්ව ඇදගෙන ගිහින් උගන්නවපු අපි...
මුළු Ground එකටම ඇහෙන්න Halt ගහපු අපි...
වම දකුණ 1 2 3 4 5 කියලා ඉස්කොලේ දෙවනත් කරපු අපි...
පාන්දර සීතලේ කඳු පල්ලම්වල මැරතන් වලටත් වඩා දුර දුවපු අපි...
සති ගණන් පන්තියේ පීරියඩ්ස් කට් කරලා Display පුරුදු උන අපි...
Sports meet කාලේ නොකා නොබී Training කරපු අපි...
නිදහස් උත්සවයට Parade එක Leed කරපු අපි...
මහ රෑටත් ඉස්කොලේ practice කරපු අපි...
බඩගින්නට ඉස්කොලේ ගස්වල, වටපිටේ වතුවල ගෙඩි කඩන් කාපු අපි...
සාමාන්‍ය කොල්ලොන්ට කරගන්න බැරි දේවල් කරලා පෙන්නපු අපි...
යක්කුවගේ Fitness Maintain කරපු අපි...
යකෙකුටවත් භය නැති උනත් නීතියට උපරිමයෙන්ම ගරු කරපු අපි...
මහ වැස්සේ, දරාගන්න බැරි සීතලේ, කාස්ටක අව්වේ ජාතික ගීයට සිරුවෙන් හිටපු අපි...
වෙලාවට හැම වැඩක්ම කරන්න පුරුදු වෙච්ච අපි...
එකාවගේ පොඩි කෑමක් බීමක් හම්බවුනත් 25 ම බෙදාගෙන කාපු අපි....
අත පිරෙන්න සල්ලි නැති උනාට Ceremonial එක පිරෙන්න බැජ් ගහපු අපි...
Parade එකට කලින් දවසේ පැය ගනන් Boots, Belts Polish කරපු අපි...
Kit එක ඇදල අඩම්බරයෙන් March කරපු අපි...
පරණ Rifles අරගෙන පෝලින් කරලා Ground එක දෙවනත් කරලා වැඩ පෙන්නපු අපි...
ඉස්කොලේ ළමයින්ගෙ විසිල් අත්පොඩි අතරේ වැඩ දාපු අපි...
Camping යන්න Note එකට කොන්ඩේ කපාපු අපි...
මතකද දියතලාව... රන්ටැබේ...
මතකද උදේට සීතල ගානක්වත් නැතුව පොලින් කරද්දි හිතට එන අපූරු හැගීම...
ගඩොල්, වැලිකොට්ට කරගහගෙන Foxhill බඩබාපු අපි...
මතකද මෙස් එකට යන්න පිගන් කෝප්ප හැදි ගෑරුප්පු අතේ තියාගෙන සීනියර් පිලිවලට පෝලිං උන හැටි...
මතකද උසස් නිලධාරීන්ට සෙලියුට් කරනකොට එයාලත් සෙලියුට් කරපු හැටි...
කෑම්ප් එකේ කොහේ හිටියත් උදේ හවස ගහන බියුගල් එකට සීරුවෙන් හිටිය හැටි...
මතකද බිලට් එකේ නැති කරගත්ත බඩු හොයපු හැටි...
Rifle Firings වල Target covered කරපු හැටි...
Best Firing වලට කප් ගහපු හැටි...
මහරෑ Checking එනකොට නැගිටලා ඇඳ ඉස්සරහා පෝලිං වෙච්ච හැටි...
මතකද නිදාගෙන නැගිටලා ඇදන් පිළිවෙලට හදලා ඒ දිහා බලාගෙන හිටිය හැටි....
මතකද Parade Ground එක මැද්දෙන් යද්දි March කරන් ගිය හැටි...
Toilets වල පෝලිමේ හිටිය හැටි...
මතකද උදේ සීතලේ මූණ හෝදපු හැටි...
රෑට ඇවිල්ලා ඔක්කොම හෙළුවෙන් නාපු හැටි...
පොඩ්ඩක් ඇස් දෙක වහගෙන අතීතයට දුවලා එන්න... මතක අතරින් සුවඳ ගලාගෙන ඒවි... සත්තයි...
උදෙන්ම ඇහැරෙන්න, වෙලාවට වැඩක් කරන්න, විනය, හික්මීම, පිළිවෙල, නිර්භීතකම, පරෝපකාරය, ගරු කිරීම, ඔව් හැම දෙයක්ම ඉගෙන ගත්තේ ප්ලැටූන් එකෙන්...
බල ඇණිය මොකක්ද කියල වැඩක් නෑ...
Army... Navy... Airforce... Police... කියලා වෙනසක් නැ...
ප්‍රින්සිපල් ආදරෙයි අපිට... ගුරුවරු අකමැතියි අපිට...
හදවතින්ම කැඩෙට්ලා වෙලා හිටිය අපි... ආදරෙයි ඒ කැඩෙට් ජීවිතේට......
ඒ ගත්ත ෆන් ආයෙ කොහොම ගන්නද...
ඕනෑම දේශගුණයකට... ඕනෑම කාලගුණයකට හැඩගැහෙන්න... ඕනෑම පරිසරයක ජීවත්වෙන්න... කියල දීපු... Cadet Corps Sri Lanka (NCC)
තාමත් ආදරෙයි හදවතින්ම ඒ ගෙවපු කැඩෙට් ජීවිතයට ❤.......
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...



Comments
Post a Comment