ජර්මානු තරුණිය...
රූමත් ජර්මානු ජාතික තරුණියක් ස්පාඤ්ඤ ජාතික තරුණයෙකු සමඟ විවාහ වී ස්පාඤ්ඤයේ පදිංචියට ගියා...
කසාද බැඳපු අලුත නිසා මෙයාට කොහොමවත්ම ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න බෑ...
මෙයාලා දෙන්නා අදහස් හුවමාරු කරගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්...
ඉතිං මෙයාට කඩේකට ගිහිල්ලා බඩුවක්වත් මිළදී ගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා...
මොකද ස්පාඤ්ඤ ජාතිකයන් ඉංග්‍රිසි භාෂාව පාවිච්චි කරන්නේ නෑ...
ඉතිං මෙයා ඒකට එක එක උප්පරවැට්ටි කරන්න ඉගෙන ගත්තා...
දවසක් මෙයා මහත්තයත් එක්ක මාර්කට් එකට ගියා...
මහත්තයා වෙන තැනක ඉන්න අතරේ මෙයා ගියා කුකුල් මස් විකුණන කඩේකට...
මෙයාට දැන් Chicken 'තයිස්' ගන්න ඕනි...
ඒත් කඩේ මුදලාලිගෙන් මෙයාට මේක ඉල්ලන්න දන්නේ නෑ...
පොඩ්ඩක් කල්පනා කළා...
ඉස්සෙල්ලාම කුකුලව පෙන්නලා ඊට පස්සේ එයා ඇදගෙන හිටපු ගවුම පොඩ්ඩක් උස්සලා එයාගේ කළවා දෙතුන් පාරක් පෙන්නලා ඉල්ලුවා...
මුදලාලිට වැඩේ තේරුණා...
කුකුලා කපලා 'තයිස්' දුන්නා...
දැන් ඒ වැඩෙත් හරි...
දැන් මෙයා මෙහෙම මාර්කට් එකේ ඇවිදගෙන යනකොට දකිනවා පළතුරු කඩයක්...
මෙයාට කෙසෙල් ගන්න ඕනී...
ඒත් කෙසෙල් පේන්න නෑ...
මුදලාලිගෙන් අහන්නත් ඕනි...
ඉල්ලන්න තේරෙන්නේ නෑ...
පොඩ්ඩක් කල්පනා කළා...
දුවලා ගිහිල්ලා මහත්තයාව අතෙන් ඇදගෙන මුදලාලි ලඟට එක්කරගෙන ආවා...
ඇය මොකක්ද කලේ...
වැරදි විදියට නිකං වනචර දේවල් හිතන්න එපා...
ලිපියේ උඩින්ම තියෙන මුළම පේලිය ආයෙත් කියවන්න...
එයාගේ මහත්තයා මුදලාලිත් එක්ක කතා කරලා ඇයට අවශ්‍ය ප්‍රමාණය කෙසෙල් මිලදී ගත්තා...
හැබැයි අර කුකුල් මස් කඩේ මුදලාලී නම් හැමදාම මේ ගෑණු ළමයා Chicken 'තයිස්' ගන්න එනකම් මග බලාගෙන ඉන්නවා...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment