ගස් උඩ ගස් වවන 'ඩෙසුගි' තාක්ෂණය...

අපි සාමාන්‍යයෙන් දකින සාම්ප්‍රදායික පුරාණ ජපන් නිවාස හදලා තියෙන්නේ තනිකරම ලීයෙන්. නූතනයේදීත් ඔවුන්ගේ නිවාසවල වහලයට වැඩිපුරම භාවිතා කරන්නේ එරට තිබෙන හොඳම ලී වර්ගයන්. එසේ නිවාස තැනීමට වගේම ජපන් රටේ වෙනත් භාවිතයන් සඳහා ඔවුන් මහා පරිමාණයෙන් මෙසේ දැව භාවිතා කලත් ඔබ දන්නවාද... ජපන් ජාතිකයන් වසර 700 ක් පුරාවටම තමන්ගේ කැලේ තිබෙන මව් ගස් කැපීමකින් තොරව තමන්ගේ ලී නිෂ්පාදනයන් ඉටු කර ගන්නා බව.

අතීතයේදී ඒ කියන්නේ 14 වන සියවස පමණ වන විට ජපානයට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය කරන දැව සපයා ගැනීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවුනා. ගස් නිසි ලෙස වගා කළ හැකි ඉඩම් ඔවුන්ගේ රටේ, ඔවුන් සතුව තිබුණත් අවශ්‍ය වන ලී වර්ගවල බීජ පැළ හිඟයකට ඔවුන් ඒ කාළයේදී මුහුණ දුන්නා. ජපානයේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාරය අපි කවුරුත් තවමත් අගය කරනවනේ. ඒ නිසා එවැනි සාම්ප්‍රදායික කලාවන් පරම්පරා ගණනක් ඉදිරියට ගෙනයාමට අවශ්‍යවන ලී සපයා ගැනීම සඳහා වනය රැකගෙන ලී ලබා ගැනීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් ඔවුන්ට එකල අවශ්‍ය උනා. 

එයට විසඳුමක් විදියට ජපන් ජාතිකයින් විසින් එරටම ආවේනික වූ අසාමාන්‍ය 'ඩේසුගි' නමින් හඳුන්වන අළුත් ගස් වැවීමේ තාක්‍ෂණයක් සොයාගනු ලැබුවා. ඇත්ත වශයෙන්ම ඔවුන් එදා මෙම තාක්ෂණය උපයෝගී කරගෙන කළේ තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් නව ආකාරයට ගස් රෝපණය කිරීමයි. 

රෝපණය කරනු ලබන ගස් වර්ග වැඩුණු පසු එම ගස්වල රිකිළි වලට මෙම තාක්ෂණය යොදා ගැනීමෙන් පසු එහි හටගන්නා අතු හොඳ මහතකින් ශක්තියකින් යුක්තව කිසිම ගැටිත්තක් හෝ නැමීමක් හෝ අතු බෙදීමකින් තොරව තනි කෙළින් උසට වැඩීම සිදුවෙනවා. මෙම කෙළින් වැඩෙන අතු සාමාන්‍ය ගසක් හා සමානව හොඳින් වැඩෙන අතර මව්ගසට කිසිම හානියක් නොවන විදියට හොඳින් වැඩුණු මෙම අතු (ගස්) කප්පාදු කර ගන්නා ජපන් ජාතිකයින්අපි සාමාන්‍යයෙන් දකින සාම්ප්‍රදායික පුරාණ ජපන් නිවාස හදලා තියෙන්නේ තනිකරම ලීයෙන්. නූතනයේදීත් ඔවුන්ගේ නිවාසවල වහලයට වැඩිපුරම භාවිතා කරන්නේ එරට තිබෙන හොඳම ලී වර්ගයන්. එසේ නිවාස තැනීමට වගේම ජපන් රටේ වෙනත් භාවිතයන් සඳහා ඔවුන් මහා පරිමාණයෙන් මෙසේ දැව භාවිතා කලත් ඔබ දන්නවාද... ජපන් ජාතිකයන් වසර 700 ක් පුරාවටම තමන්ගේ කැලේ තිබෙන මව් ගස් කැපීමකින් තොරව තමන්ගේ ලී නිෂ්පාදනයන් ඉටු කර ගන්නා බව.ල

අතීතයේදී ඒ කියන්නේ 14 වන සියවස පමණ වන විට ජපානයට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය කරන දැව සපයා ගැනීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවුනා. ගස් නිසි ලෙස වගා කළ හැකි ඉඩම් ඔවුන්ගේ රටේ, ඔවුන් සතුව තිබුණත් අවශ්‍ය වන ලී වර්ගවල බීජ පැළ හිඟයකට ඔවුන් ඒ කාළයේදී මුහුණ දුන්නා. ජපානයේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාරය අපි කවුරුත් තවමත් අගය කරනවනේ. ඒ නිසා එවැනි සාම්ප්‍රදායික කලාවන් පරම්පරා ගණනක් ඉදිරියට ගෙනයාමට අවශ්‍යවන ලී සපයා ගැනීම සඳහා වනය රැකගෙන ලී ලබා ගැනීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් ඔවුන්ට එකල අවශ්‍ය උනා. 

එයට විසඳුමක් විදියට ජපන් ජාතිකයින් විසින් එරටම ආවේනික වූ අසාමාන්‍ය 'ඩේසුගි' නමින් හඳුන්වන අළුත් ගස් වැවීමේ තාක්‍ෂණයක් සොයාගනු ලැබුවා. ඇත්ත වශයෙන්ම ඔවුන් එදා මෙම තාක්ෂණය උපයෝගී කරගෙන කළේ තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් නව ආකාරයට ගස් රෝපණය කිරීමයි. 

රෝපණය කරනු ලබන ගස් වර්ග වැඩුණු පසු එම ගස්වල රිකිළි වලට මෙම තාක්ෂණය යොදා ගැනීමෙන් පසු එහි හටගන්නා අතු හොඳ මහතකින් ශක්තියකින් යුක්තව කිසිම ගැටිත්තක් හෝ නැමීමක් හෝ අතු බෙදීමකින් තොරව තනි කෙළින් උසට වැඩීම සිදුවෙනවා. මෙම කෙළින් වැඩෙන අතු සාමාන්‍ය ගසක් හා සමානව හොඳින් වැඩෙන අතර මව් ගසට කිසිම හානියක් නොවන විදියට හොඳින් වැඩුණු මෙම අතු (ගස්) කප්පාදු කර ගන්නා ජපන් ජාතිකයින් ඔවුන්ගේ දැව අවශ්‍යතාවය මෙමගින් සම්පූර්ණ කර ගැනීමට සමත් උනා.

එමෙන්ම අතු කප්පාදුව දිගින් දිගටම කිරීම නිසා එම මව් ගස් සියල්ල යෝධ බොන්සායි ගස් ආකාරයට වැඩෙන අතර එම මව් ගස්වලට ඔවුන් කිසිම හානියක් නොකරන්න වග බලාගත්තා. මෙම 'ඩේසුගි' තාක්ෂණය ඔවුන්ගේ දැව අවශ්‍යතා ගැටළුවට සුවිශේෂී විසඳුමක් ගෙන දෙනවා වගේම 'ඩේසුගි' තාක්ෂණය මඟින් ජපානයේ අතිරේක ගස් වැවීම හෝ කැපීම වෙනුවට පවතින ගස් වල අතු වළින් තමනට අවශ්‍ය දැව ප්‍රමාණය ලබාගැනීමට අමතරව දර්ශණීය යෝධ බොන්සායි ගස් මඟින් පරිසරයට අමුතුම අලංකාරයක් ගෙන දීමටත් ඔවුන්ට හැකියාව ලැබුණා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga... 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...