ඉතාලි සංචාරකයින් දෙදෙනා...

 දවසක් ඉතාලි ජාතික සංචාරකයින් දෙන්නෙක් නිව්යෝර්ක් නගරයේ බස් එකකට ගොඩ වෙනවා. ඇමෙරිකානු කන්තාවක් ඉඳගෙන ඉන්න සීට් එකකට ටිකක් එහායින් ඉඳගන්න මේ දෙන්නා ටික වෙලාවකින් කතාවකට සෙට් වෙනවා... මුලදී අර ඇමෙරිකානු කාන්තාව මේ දෙන්නා ගැන ඒ තරම් ගානක් ගන්නේ නැතුව හිටියත් මේ දෙන්නගෙ කතා විලාසයත් එක්ක පොඩ්ඩක් කටේ සද්දෙත් වැඩි නිසා, මේ දෙන්නා අනිවාර්යයෙන්ම ඉතාලි ජාතිකයෝ බව දැනගෙන මේ දෙන්නගේ කතාබහට පොඩ්ඩක් ඇහුම්කන් දෙනවා...

එක ඉතාලි ජාතිකයෙක් අහපු ප්‍රශ්ණයකට අනිත් එක්කෙනා මෙහෙම උත්තරයක් දෙනවා...

"Emma cums first...

 Den I cum...

 Den two asses cum together...

 I cum once-a-more..!

 2 asses, they cum together again...

 I cum again and pee twice...

 Then I cum one lasta time.."

මේක අහගෙන හිටපු ඇමරිකන් කාන්තාවට හොඳටම තද වෙනවා... 

" හලෝ මේ... මේක ඇමරිකාව... මේ රටේ කිසිම කෙනෙක් තමන්ගේ ලිංගික ජීවිතේ අත්දැකීම් ඔය විදියට ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ තැන්වල හැමෝටම ඇහෙන්න කෑගගහ කියවන්නේ නෑ... තමුසෙලා දෙන්නට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද..?"

මේක අහගෙන හිටපු ඉතාලියන් කාරයා අර කාන්තාවට ආපහු උත්තර දෙනවා...

"Hey... Coola down lady.., Coola down..."

"I am justa tellin my frienda how to spell" 

 "...MISSISSIPPI..."

ඔයාලත් අර ඇමරිකන් කාන්තාව හිතපු විදියටම අසභ්‍ය විදියට හිතුවනම්... අනිවාර්යයෙන්ම මේ ඉතාලියන් කාරයා එයාගේ යාළුවට කියපු දේ ඔයාලට ආයේත් පාරක් කියවන්න සිද්ධවෙනවා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...