කොවිඩ් වීරයෝ...

ඉන්දියාවේ නාග්පූර් වල වෙසෙන 41 හැවිරිදි ජම්ෂෙඩ් සිං කපූර් නැමති මෙම කරුණාවන්ත මිනිසා නගරයේ වීදිවල සිටින නිවාස නොමැති දුගී මිනිසුන්හට තම වියදමින් ආහාර සකසාගෙන ඔවුන්ව සොයාගෙන ගොස් ඔවුන්ගේ බඩගින්න නිවා දමන එක කාළයක් තිස්සේ කරගෙන යන වැඩක්...

සෑම විටම 'ලන්ගර් සේවා' නමින් මුද්‍රණය කෙරූ සුදු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටින ජම්ෂෙඩ්, තමන් විසින් සකසා ගත් කෑම තම යතුරු පැදියේ පටවාගෙන ගොස් මෙසේ අසරණයින්හට බෙදා දෙනවා. සෑම දිනකම සවස 3 පමණ අරඹන ඔහුගේ කෑම බෙදීම අවසන් වන්නේ නොකඩවා පැය 5 ක් පමණ කාළයක් තැනින් තැන ගොස් කෑම සියල්ල අසරණ මිනිසුන්හට බෙදීමෙන් අනතුරුවය. 'දාල්-කිච්ඩි' නමින් හඳුන්වන ජනප්‍රිය ඉන්දීය ආහාරය මෙසේ ඔහු දිනපතා අසරණයින්හට ලබාදෙනවා. 

මුළු ඉන්දියාව පුරා කොවිඩ් වසංගතය වෙලාගෙන සිටින මේ අවස්ථාවේදී පවා, නිතරම අසරණයින් ගැන සිතන ඔහුගේ මෙම සේවාව නිසා පළාතේ අසරණයින්හට වෙනදාටත් වඩා ඔහුගේ ආහාරවල අගය දැන් වැඩිවී තිබෙනවා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...



 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...