ගුවන් කාර්මික ඉන්ජිනේරුවන්...
ඔවුන් සියල්ලටම ලැබෙනවා තමන්ගේ ගුරුවරයා එක්ක විදෙස් සවාරියක් සඳහා නොමිලේ ගුවන් ටිකට්පත්.
ඒ වගේම අලුතෙන්ම වැඩ අවසන් කරපු අලුත්ම අලුත් ගුවන් යානයක්ද ඔවුන්ගේ ගමන සඳහා ඔවුන්ට ලැබෙනවා.
ඔන්න ඉතිං ගමන පිටත්වෙන දවසේ මෙයාලා කට්ටියවම ගුවන් යානා අංගනයට කැදවලා, යානයේ කැප්ටන් යානය ගැන මෙයාලට පොඩි හැදින්වීමකුත් කරලා, ධාවන පථයට යානය ගන්න කළින් හැමෝටම තම තමන්ගේ අසුන්වල ඉදගන්න කියනවා.
හැමෝම ඉදගන්න යනකොට කැප්ටන්ට කියන්න දෙයක් අමතක වෙලා ආපහු ඇවිල්ලා මෙහෙම කියනවා...
" මට ඔය හැමෝටම කියන්න තියෙන සුභ ආරංචිය කියන්න බැරිවුනා... මේ ප්ලේන් එකට අපි හයිකරලා තියෙන්නේ ඔයාලා ගිය මාසේ සාර්ථකව වැඩ ඉවර කරපු එන්ජින් එක සහ සියළුම උපාංගයි..." කියලා කැප්ටන්ට කියලා ඉවර කරන්න හම්බ වෙන්නේ නෑ. අර ඉන්ජිනියර්ස්ලා සේරම බයෙන් තැති අරගෙන බඩු පොදි අපහු කර ගහගෙන එක එකා පෙරළගෙන ප්ලේන් එකෙන් බිමට පනිනවා...
එකෙක් නෑර බිමට පැන්නත් ඔවුන්ගේ ගුරුවරයා විතරක් නැගිටින්නේ නැතුව සීට් එකේ වාඩි වෙලාම ඉන්නවා.
ගුවන් සේවිකාවක් ඔහුගේ ළගට ඇවිල්ලා අහනවා... අර සිසුන් ඔක්කොම බැස්සත් ඇයි ඔබතුමා බහින්නේ නැත්තේ කියලා...
එතකොට ඔහු... " මම දන්නවානේ මගේ ගෝලයන්ගේ හැටි... උන් බය උනාට මම බය වෙන්නේ මොකටද... මේක උඩ යනවා තියා මේකේ තියෙන ඔය එන්ජින් එක ස්ටාර්ට් කර ගන්න පුළුවන් උනොත් එකත් මට ලොකු දෙයක්... ඒකවත් වෙයිද කියලා බලන්නයි මම මේ ඉදගෙනම ඉන්නේ..." කියලා උත්තර දෙනවා...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment