දික්කසාදය...

තම සැමියා විසින් ගොණු කරන ලද දික්කසාද නඩුවක සාක්කි විමසීම සඳහා කාන්තාවක් විනිසුරුවරයෙකු ඉදිරියට කැඳවනවා...

නීතීඥවරයා ඇයගෙන් සාක්කි විමසීමට පටන් ගන්නවා...  

"ඔබේ දික්කසාදයට මාර්ගය සැළසෙන්නේ කොහොමද..?"

"නගරයේ ඉඳලා අඩි විස්සක විතර කාපට් කරපු පාරකින් ඇවිල්ලා... ගෙවල් ළඟට එනකොට ඒ පාර අඩි දොළහක් පමණ පටු වෙනවා... ඒක කොන්ක්‍රීට් කරලයි තියෙන්නේ ස්වාමීනි...

නෑ... නෑ... මම ඇහුවේ ඔබ දෙදෙනාගේ මේ දික්කසාදයට පරිසරය හැදෙන්නේ මොන විදියටද..?

"අක්කර හතරක් පමණ ලොකු ඉඩමක් මැඳ තියෙන ලස්සන තරමක විශාල ගෙයක් ස්වාමිනී... පොඩි දිය පහරකුත් ගේ ළඟින් ගලා යනවා..."

"නෑ... නෑ... මම ඇහුවේ ඔබේ සැමියා මේ නඩුව දාන්න සිද්ධවෙච්ච පදනම මොකක්ද..?"

"හදන්න ඉස්සරවෙලා කළුගල් එක්ක හොඳ කම්බි දාලා අත්තිවාරම දැම්මා... ඊට පස්සේ හොඳ 9X9 කොන්ක්‍රීට් කණු නග්ගලා ඇඹිළිපිටියේ හොඳ පුච්චපු ලොකු ගඩොල් සහ මනම්පිටියේ වැලි එක්ක සංස්ථා සිමෙන්ති වලින් හොඳ ශක්තිමත්ව බිත්ති බැන්ඳා... වහලේ සම්පූර්ණයෙන්ම උළු වෙනුවට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාලයි තියෙන්නේ ස්වාමිනී...

"අයියෝ නෑ... මම ඇහුවේ මේ දික්කසාදයට හේතුව... ඔබේ සැමියා හෝ ඔබ අතර වෙනයම්, අනියම් සම්බන්ධතාවයක් එහෙම තියෙනවද...?"

"මේ පළාතේ මගේ සැමියගේ නැන්දා සහ මාමා එක්ක එයාගේ ඥාති සහෝදරියන් 12 දෙනෙක් ජීවත් වෙනවා ස්වාමීනී... එයාලත් එක්ක මම හොඳින් සම්බන්ධකම් පවත්වනවා... අපි ජීවත් වෙන්නේ මගේ සැමියාගේ දෙමාපියන් එක්ක... එයාලත් හරිම හොඳයි... අපි අතරත් හොඳ සම්බන්ඳතාවයක් තියෙනවා..."

මේක අහගෙන ඉන්න විනිසුරුවරයා ගැඹුරු හුස්මක් අරගන්නවා... ඊට පස්සේ ඔහු ඇයගෙන් මෙහෙම අහනවා... “සැමියා අතින් ඔබට මොනවාහරි අසාධාරණයක් එහෙම සිදුවෙනවාද..?

Ee"අනේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ ස්වාමීනී... අපට කිසිම දවසක කාර් දෙකක අවශ්‍යතාවයක් නැති උනත් එයා මට වෙනමම කියලා කාර් එකකුත් අරන්දීලා තියෙනවා...


"කරුණාකරලා මට කියන්න... ඔබට ඔබේ විවාහයේ ඔබට නොරිස්සන කරදරකාරී ශබ්දයන් එහෙම නිවසේ ඇතිවෙනවද..? 


 "ඔව්... ඒවානම් අනන්තවත් තියෙනවා ස්වාමීනී... මගේ පුතාටයි දුවටයි දෙන්නටම ස්ටීරියෝ සෙටප් දෙකක් තියෙනවා... මමයි, සැමියයි දෙන්නත් මියුසික් වලට ආසයි...ඒත් එයාලා නිතරම අහන මියුසික් වලට අපි දෙන්නම කැමති නෑ... ඒයාලා අහන මියුසික් ඔක්කොම රොක්, හිප්පොප්, හෙවි මෙට්ල් එක්කම රැප් ටැප්... ඒත් ඉතිං අපි කියලා මොනවා කරන්නද... නොරිස්සන, කරදරකාරි උනත් අපිත් ඉතිං ඔහේ ඒවා අහගෙන ඉන්නවා...


"ඔබතුමිය කරුණාකරලා මට කියනවද.... ඔබේ ස්වාමිපුරුෂයා කවදාහරි ඔබට පහරදීලා තියෙනවද..?"


"ඔව් ස්වාමීනී... හැමදාම උදේට මම ඇහැරෙන්න කළින් ඔහු උදේම නැගිටලා මටත් එක්ක තේ හදලා, ළගටම ගෙනැල්ලා මගේ පස්සට පොඩි තට්ටුවක් දාලා තමයි මාව ඇහැරවන්නේ..."


අන්තිමේදී මේ විනිසුරුතුමාට මෙයාගෙන් ප්‍රශ්ණ අහන එක එපා වෙනවා... 


"යුෂ්මතියගෙන් මම අන්තිම වතාවටයි මේ අහන්නේ... එහෙනම් මොන එහෙකටද යුෂ්මතිය තමන්ගේ සැමියත් එක්ක දික්කසාද වෙන්න යන්නේ...?


"ඔහ්... ස්වාමීනී.... මට එයත් එක්ක දික්කසාද වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ... ඒත්... ඒත්... එයා කියනවා එයාට මගෙත් එක්ක කොහොම හරි දික්කසාද වෙන්න අවශ්‍යයිලු...


"ඒකට හේතුව..."


"ස්වාමීනී... මේ මෝඩ මිනිහා කියනවා... ඒ මිනිහා මගෙන් මොකක් හරි ප්‍රශ්ණයක් ඇහුවාම මම දෙන උත්තර ඒ මිනිහට කවදාවත් තේරෙන්නේ නැතිලු... යන්නේ කොහෙද... මල්ලේ පොල් වගේලු... මෙච්චර කාළයක් මගෙත් එක්ක ඉඳලත්, මාත් එක්ක කිසිම දවසක, කිසිම දෙයක් හරියට සන්නිවේදනය කරගන්න බැහැ කියලා මේ මනුස්සයා නිතරම නහයෙන් අඬනවා..."


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...