ළමා සොල්දාදුවා...

1906 මැයි 1 වන දින සර්බියාවේ ලොස්නිකා අසල ට්‍රබූනිකා හි ගුසෙවෝ කන්දෙහි බෑවුමක සාමාජිකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක අටවන දරුවා ලෙස 'මොමිලෝ ගව්රික්' උපත ලබා ඔහුට යන්තම් වයස අවුරුදු අටක් වනවිට සර්බියානු හමුදාවට නිළ වශයෙන් බඳවාගත් ළාබාලතම සොල්දාදුවා බවට පත්වීමට ඔහුට අවස්ථාවක් උදාවිය. 

පළමු ලෝක යුද්ධය ආරම්භ වී දින කිහිපයක් ඇතුළත ඒ කියන්නේ 1914 අගෝස්තු මස මුල් කාළයේදී, 42 වන ඔස්ට්‍රෝ-හංගේරියානු ගෘහ ආරක්ෂක පාබල සේනාංකයේ සොල්දාදුවන් විසින් ඔහුගේ පියා, මව, ආච්චි, ඔහුගේ සහෝදරියන් තිදෙනා සහ ඔහුගේ සහෝදරයන් සිව්දෙනා වද දී ආබාධිත කොට පසුව එල්ලා මරා දමා ඔවුන්ගේ නිවස ද ගිනි තබා විනාශ කළේය. එදා මොමිලෝ දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වූයේ එම ඛේදවාචකය සිදු වන විට ඔහු නිවසේ නොසිටි නිසාය. පවුලක් හෝ ඉන්නට තැනක් නොමැතිව ඉබාගාතේ ඇවිදගෙන ගිය ඔහු අසල පිහිටි සර්බියානුහමුදාවක් විසින් අල්ලා ගනු ලැබූ අතර, ඔහුගේ පවුලට සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකය ඔහු එම හමුදා ඒකකයේ අණදන ප්‍රධානියාට විස්තර කළේය. ඔහුව රැකබලා ගැනීමට කිසිවෙකු ඉතිරිවී නොසිටි නිසා, අණදෙන නිලධාරියා විසින් ඔහුට රෙජිමේන්තුවේ ඉන්නට ඉඩක් ලබා දුන් අතර එදිනම සවස් වරුවේ ඔහුගේ පවුලම විනාශ කළ ඔස්ට්‍රෝ-හංගේරියානු සොල්දාදුවන් සිටින ස්ථානය තම අණදෙන නිළධාරියාට පෙන්වා හමුදාව ලවා ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන්ව විනාශ කර ඔහු ඔවුන්ගෙන් පළිගත්තේය. එම මෙහෙයුමේදී සතුරාට පහරදීමේ මෙහෙයුමට ඔහුද සහභාගී විය. 

ඔහු සහභාගීවූ පළමු මෙහෙයුම සාර්ථක වූ නිසා අණදෙන නිළධාරියා විසින් ඔහුට නිළ ඇඳුමක් ලබා දී, ඔහුව කෝප්‍රල් තනතුරට උසස් කරන ලද අතර, ඔහු රැකබලා ගැනීම සඳහා භාරකරුවෙකු පත් කරන ලදී.  විටෙක ඔහු පාසැලට ගොස් ඉගෙන ගත් නමුත් තවත් විටෙක ඔහු හමුදා සමඟ මෙහෙයුම්වල නිරතවී එහිදී අවම වශයෙන් එක් වරක් තුවාල ලැබීය.

පළමුවන ලෝක යුද්ධය නිමවීමෙන් පසු, මොමිලෝව එංගලන්තයට යවා යුද්ධයෙන් අනාථ වූ සර්බියානු දරුවන් සමඟ එක්වී එහිදී අධ්‍යාපනය ලබාදුන් අතර 1921 වර්ෂයේදී උපාධිය ලබා ගත් ඔහු ඉන්පසු නැවත සර්බියාවට පැමිණ සිවිල් රැකියාවක් කළේය. 

1929 දී ඇතිවූ දෙවන ලෝක යුද්ධය සඳහා ඔහුව බලහත්කාරයෙන් බඳවා ගැනීමට ගියත් ඔහු කුඩා වයසේදීම පළමු ලෝක යුද්ධය සඳහා තම දායකත්වය ලබාදී තිබූ නිසා නැවත ඔහුව හමුදාවට බඳවා ගැනීම නොකළේය. 

නමුත් දෙවන ලෝක යුද්ධ සමයේදී යම් යම් සිදුවීම් නිසා මොමිලෝට දෙවරක් සිරගත වීමට සිදුවූ නමුත් 1993 වන තෙක් ඔහු ජීවත් විය. ඔහුගේ මෙම කතාව සිහිපත් කිරීම සඳහා සයිබිරියාවේ බෙල්ග්‍රේඩ්හි කඳවුරක ඔහුගේ ස්මාරකයක්ද තනවා ඇත.

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...







 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...