මිහිතල දිනය...

“අවුරුද්දේ සෑම දිනයක්ම මිහිතල දිනයක් වියයුතු නොවන්නේද..?”

අප ජීවත් වන්නේත්... 

අපි යැපෙන්නේත්... 

මේ පෘතුවියෙන්... 

ඒ වගේම අපි සියළුදෙනා පෘථිවියේම කොටසක් වන නමුත් මිනිසුන් වන අප එයට සළකන්නේ එය අපෙන් වෙන්වෙලා තිබෙන හුදකලා වූ දෙයක් ලෙසයි...

අපි සියල්ලන්ගේම එකතුව මෙම පෘථිවිය වන අතර මේ පෘථිවිය කියන්නේ අපියි...

පෘතුවියේ සියල්ල රඳා පවතින්නේ අප සියල්ලන් මත වන අතර අප සියල්ලන්ම පෘතුවියට සම්බන්ධවෙයි...

පෘතුවියේ පැවැත්ම සොබාදහම තුළ මුල් බැස ගෙන ඇති නමුත් අපගේ තාර්කික චින්තනය තුළ මුලිනුපුටා දැමූ මෙම සොබාදහම් සංකල්පය සමඟ අප නැවත සම්බන්ධ විය යුතුය... 

එසේ නොමැතිනම් අපි ඉතා ඉක්මණින් අගාදය අද්දරට පැමිණෙන්නෙමු...

මට නම්... මෙම පින්තූරයේ මෙම දර්ශණය ඒ කියූ සොබාදහම් සංකල්පය මනාව පෙන්නුම් කරයි...  

විවිධ ප්‍රමාණයන්වල මඩු මසුන් අවශ්‍ය අකාරයට අවශ්‍ය තැන්වලට ගොස්, අවශ්‍යතාවය අනුව හිස්තැන් පුරවා... ගැඹුරු මුහුදේ... පැහැදිළි ජලයේ.. සංඛේතාත්මකව ග්‍රහලෝකයක් සෑදීමට ගන්නා උත්සාහයක්ද මේ... 

එය අහම්බයෙන් සිදුවන්නක්ද... නැත්නම් ඔවුන් අපට පණිවිඩයක් දෙනවාද..?

📸Rafa Fdez Caballero - Underwater photography...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...