මාළු කුණාටුව...
සාගර ගවේෂකයෙකු, නිදහස් ස්කූබා කිමිඳුම් කරුවෙකු හා සාගර සංරක්‍ෂකයෙකු වන 'විලියම් වින්රේම්' සහ ඔහුගේ අනෙකුත් සහායක කිමිදුම්කරුවන් හමුවට පැමිණි විශාල මාළු රංචුවක් සුළි සුළඟක් සේ ඔවුන් වටා වටයක් දෙකක් කැරකී ආපසු ඈතට නොපෙනී ගිය අතර 'විලියම් වින්රේම්' හට එම සුන්ඳර දර්ශණය මෙසේ තම කැමරාවට හසුකර ගැනීමට හැකිවිය.
'විලියම් වින්රේම්' ඇතුළු කණ්ඩායම මෙක්සිකෝවේ බජා කැලිෆෝනියා සමුද්‍ර කළාපයේ කාබෝ පුල්මෝ සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශයේ සාගර ජලය ගවේෂණය කරමින් සිටියදී මෙම පුදුමාකාර මත්ස්‍ය හමුව සිදුවිය. සාගර සංරක්ෂණ ව්‍යාපෘතියක කොටසක් ලෙස ටයිගර් සහ බුල් මෝරුන් ටැග් කිරීමට ඔහු සහ කණ්ඩායම මෙම සාගර පතුලේ කිමිදී සිටන අතර මෝරුන් පැමිණෙන තෙක් බලා සිටියදී මෙම දර්ශණීය දසුණ ඔවුන් අත්විඳ ඇත...
📷 William Winram/ Caters News Agency- www.instagram.com/williamwinram/?hl=en
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment