Air Acoustics
මේ තියෙන්නේ (1930 - 1935) කාලයේදී සතුරු ගුවන් යානා විසින් එල්ල කරනු ලබන හදිසි ප්‍රහාරයන්ට කල්තියා සූදානම් වීමේ උපක්‍රමයක් ලෙස ලන්දේසි හමුදාව විසින් නිපදවනු ලැබූ 'Air Acoustics' එහෙමත් නැත්නම් වායු ධ්වනි විද්‍යාව උපයෝගී කර ගනිමින් නිර්මාණය කළ පුද්ගලික සවන්දීමේ උපකරණයන් දෙකක ඡායාරූපයි.
යුධ කාලයේදී මෙම උපකරණ තම කණෙහි රඳවාගත් සෙබළුන් සෑහෙන පිරිසක් එරට විශාල ප්‍රදේශයක් පුරා විසිරී ඇති සවන්දීමේ ස්ථාන රාශියක රඳවා තබනු ලැබීය. 'ලුච්ට්වාච්ට්ඩියන්ස්ට්' (එයාර් වොච් සර්විස්) නමින් හඳුන්වනු ලැබූ මෙම සේවාව මගින් නිරීක්ෂණය කරන ලද සතුරු ගුවන් යානාවල පියාසැරි දිශාවන් සහ ඇස්තමේන්තුගත වේගය සොල්දාදුවන් විසින් තමන් සතුව ඇති දුරකථන මගින් කේන්ද්‍රීය ස්ථානයකට දැණුම්දීම කරනු ලබයි. මෙම සවන්දීමේ උපකරණ මඟින් සාමාන්‍යය කනකට ඇසෙනවාට වඩා හොඳින්, පැමිණෙන සතුරු ගුවන් යානා වල ශබ්දය සොයා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට උපකාරී වූ බව 1935 වසරේදී එරට පළවූ වාර්තාවක සඳහන්වී තිබුණි.


Comments
Post a Comment